මැදවච්චියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා මඩම් පවත්වාගෙන ගිය ස්ථාන තුනක සිදු කල වැටලීමකදී හිමිකරුවන් තිදෙනෙකු හා එහි සේවාවන් සැපැයූ සැකකාරිණියක් 09 දෙනෙකු ඊයේ (11) සවස අත් අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පැවැසූහ.

මැදවච්චිය නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන දෙකක හා වහමලුගොල්ලෑව පිහිටි එක් සම්බාහන මධ්‍යෂ්තානයක මෙම වැටලීම සිදු කර ඇත. දිගින් දිගටම මහජනතාවගන් ලද තොරතුරු පදනම් කර ගනිමින් මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා විසින් ක්‍රියාත්මක කළ හදීසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කර ඇත.

මැදවච්චිය පොලිසිය විසින් සිදු කල මෙම වැටලීමෙන් අත් අඩංගුවට ගත් සැකකාරිණියක් 09 දෙනා සහ හිමිකරුවන් 03 තිදෙනා අද(12) දින මැදවච්චිය මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

WhatsApp Group

Skip to content