ජනතාව කෙරෙහි සංවේදී නායකයින් පාර්ලිමේන්තුවේ සිටී නම් විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

එහි ජාතික ලේකම් සංජිව ධම්මික මහතා කියා සිටින්නේ අමාත්‍යවරයා ත්‍රස්තවාදියෙකු ලෙස කටයුතු කරන බවයි.

එමෙන්ම මේ වන විට බොහෝ නිවෙස් සඳහා විදුලිබල මණ්ඩලය රතු බිල්පත් නිකුත් කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එබැවින් වහාම පොලිසියට ගොස් විදුලිබල මණ්ඩලයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසද ඒ මහතා විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

https://www.vnews.lk/storage/2023/02/SANJEEWA-DHAMMIKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content