දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ක්වාන්ගාතෝ යුද නෞකාව ඊයේ දිනයේදී කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම නෞකාවේ දිග මීටර් එකසීය තිස් පහක් වන අතර, නැව් මුළුව දෙසිය හතළිස් නවයකගෙන් සමන්විතයි.

එම නෞකාව තුල ඊයේ දිනයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා සහභාගිවී තිබෙනවා.

ක්වාන්ගාතෝ නෞකාව හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

WhatsApp Group

Skip to content