ක්‍රීඩාවේ නිරත පාසල් දරු දැරියන්ට උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමේදී අමතර ලකුණු ප්‍රමාණයක් ලබා දීම කෙරෙහි යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසිනුයි මෙම යෝජනාව ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමුකර ඇත්තේ.

ක්‍රීඩාවේ නිරතවන පාසල් දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා යොමු වීම ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි අර්ජුණ රණතුංග මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content