ජාතික ක්‍රිඩා සංගම් 73ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා තිබෙනවා.

ඊට අදාළ 2024 අංක 01 දරන සුවිශේෂි රෙගුලාසියකට ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අත්සන් තැබු බවයි ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.

ක්‍රිඩාවෙන් දේශපාලනය සම්පුර්ණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස මෙම නව රෙගුලාසිය බලාත්මක කර ඇති බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ.

එමෙන්ම ක්‍රිඩා අංශයන්හි දුක්ගැනවිලිවලට සවන් දී ක්‍රිඩාවේ යහපත උදෙසා ඔවුන්ට මහ පෙන්වීමට ඔම්බුස්මන්වරයෙකු ද අමාත්‍යවරයා විසින් පත්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content