සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත දෙදින පුහුණු ටෙස්ට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

අද සහ හෙට යන දෙදින තුළ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ නායකත්වය කමිඳු මෙන්ඩිස් හට හිමිව තිබෙන අතර කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබෙනවා.

ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඕෂධ ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම ද මෙම සංචිතයට ඇතුළත් වන අතර ඔවුන්ට අමතරව පිතිකරුවන් ලෙස සඳුන් වීරක්කොඩි, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය කණ්ඩායමට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content