ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා .

එමගින් පෙන්වාදී ඇත්තේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයකට ලක්වී ඇති බවයි .

ඒ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුවත් කිරීමටත් ජනාධිපතිවරයා සමග හමුවක් අවශ්‍ය බව ඔහු සඳහන් කර තිබෙනවා .

ශ්‍රී ලංකා ක්‍රිකට්ස ආයන්තනයේ සභාපති ෂම්මි සිල්වා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙතද යොමුකර ඇති බව වාර්තා වනවා

එයට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ලවන බරපතළ වංචා සහ දූෂණ චෝදනා හමුවේ ඔවුන් අදාළ ලිපිය යොමුකර ඇති බවයි .

WhatsApp Group

Skip to content