ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්  ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පවසනවා.

ඔහු මෙලෙස පැවසුවේ අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි .

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයිදැයි එහිදී විමසන බවද ඔහු සඳහන් කලා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක  දේශපාලන බලපෑම්  සිදු කර නොමැති  බවද  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  සදහන් කළා .

WhatsApp Group

Skip to content