ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබා දී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධයන්ට ලක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ කෝප් කමිටුව හමුවට කැදවූ අවස්ථාවේදී ඔහු මේ බව අනාවරණය කළා.

https://www.vnews.lk/storage/2023/11/DAYASIRI-JAYASEKARA-EDIT-01.mp3?_=1

මේ අතර සිය ඥාතීන් සහ හිතවතුන් පිරිසක් ඕස්ටේ්‍රලියාවේ පැවති 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සදහා රැගෙන ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා මහතා කෝප් කමිටුව හමුවේ ඊයේ පිළිගෙන තිබෙනවා.

එහිදි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/11/COPE-EDIT-.mp3?_=2

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් තවත් දින 3 ක් කෝප් කමිටුව හමුවට කැඳවීම සදහා ඊයේ තීරණය කළා.

ඒ අනුව ලබන 24, 27 සහ 28 යන දිනවල ක්‍රිකට් ආයතන බලධාරින් කෝප් කමිටුව හමුවට කැදවීම සදහා තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content