ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු පෙත්සම අද යළි සලකාබැලීමට නියමිතව තිබෙනවා.

ඊයේ අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවු අතර එහීදි දැනුම් දුන්නේ අදාළ පෙත්සම අද යළි සලකා බැලීමටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ගොණුකර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරිමට ක්‍රිඩා අමාත්‍යවරයා ගත් තීරණය අදාළ පෙත්සම මගින් අභියෝගයට ලක්කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මේ එහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා.

https://www.vnews.lk/storage/2023/11/SHAMMI-SILVA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content