ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා .

මෙම වියදම් සාරාංශය මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදාළ මුදල් වියදම් කළ ආකාරය පවසන ලෙස කළ අභියෝගයෙන් අනතුරුවයි .

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් 28 කෝටි 99 ලක්ෂ අනූදහසක මුදලක් ලබාදී ඇති අතර මේ වනවිට එම මුදලෙන් රුපියල් 25 න් කෝටි 73 ලක්ෂ 49,179ක මුදලක් වැයකර තිබෙනවා .

ඒ අනුව තවත් රුපියල් 03 කෝටි 26 ලක්ෂ 40,821ක මුදලක් ඉතිරිව තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ .

 

WhatsApp Group

Skip to content