ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව  පත් කෙරුණු අන්තර් පාලන මණ්ඩලයේ සාමාජිකයන් සහ අරමුණ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා  හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින්.

අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ 2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රීතව විශේෂ විගණන වාර්තාව මගින් හෙළිදරව් කරනු ලැබ ඇති ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් සුදු කරනු ලැබ ඇති දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සහ යුතුකම් සහ වගකීම් ඉටුකිරීම පැහැර හැරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය හෙයින් සහ අදාළ කටයුතු ස්වාධීනව විනිවිදභාවයකින් මෙන්ම විශ්වාසනීයව ඉටු කිරීමට අවස්ථාව සලසාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය නොවැම්බර් මස 5 වන දින සිට අත්හිටවනු ලැබූ බවයි.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

WhatsApp Group

Skip to content