ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත් වී තිබෙනවා.

මෙම නඩුවට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගොනු කළ මෝසම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් ක`ඵආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා.

එහිදි ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ  මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බවයි.

ඒ අනුව සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සදහන් කළේ පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් එම නඩු විභාගයෙන් ඉවත් වන බවටයි.

මේ අනුව අදාළ පෙත්සම විභාගයට වෙනත් විනිසුරු මඩුල්ලක් ඒ සදහා යොමු කිරීමටයි තීන්දු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content