ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාල පෙත්සම අද කැදවීමට නියමිතයි .

එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන් ඉදිරියේ පසුගියදා කැඳවනු ලැබුවා.

ඒ අනුව අද දිනය තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවටයි අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පසුගියදා අධිකරණයට දන්වා සිටියේ.

මේ සම්බන්ධයෙන් සබරගමුව පළාතේ ආණ්ඩුකාර නවින් දිසානායක මහතාද  අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/11/NAVEEN-DISANAYAKE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content