කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසනවා.

මේ වනවිට රත්නපුර සහ ඇල්ලගාව ජල මාපාංක වල අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා කළු ගඟේ ජල මට්ටම සටහන්ව තිබෙනවා.

ඒ අනුව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බවයි එම අංශය සදහන් කළේ.

මේ අතර කළු ගඟේ පුටුපාඋල ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් ලෙසට පෙන්නුම් කරන අතර, නිල්වලා ගඟේ ජල මට්ටමද නවතම වාර්තාව අනුව යළි ඉහළ යමින් පවතිනවා.

එම ගංගාවේ තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවල ජල මාපාංකවල මේ වනවිට දැක්වෙන්නේ සුළු ගංවතුර තත්ත්වයක් ලෙසටයි.
බද්දේගම ප්‍රදේශයෙන් ගින් ගඟේ පවතින සුළු ගංවතුර තත්ත්වයද තවදුරටත් පවතිනවා.

මේ අතර පවතින ආපදා තත්ත්වය සමඟ රත්නපුර, කෑගල්ල, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය දිස්ත්‍රික්කවල පවුල් 6,250ක පුද්ගලයින් 25,863ක් ආපදාවට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරන ඒකකයේ නවතම දත්ත පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content