උතුරු කළුතර වෙරළේ තිබී ඊයේ පස්වරුවේ හමු වූ අවුරුදු දෙකහමාරක් වයසැති දැරියගේ මවගේ සිරුරද එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී හමුව තිබෙනවා.

ලද තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමකදී වෙරළ තීරයේ ගල් පරයක සිර වී තිබූ මෙම කාන්තා මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

මෙම මව සහ දියණිය කළුතර – දොඩම්ගොඩ – හල්කඳවල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඔවුන්ගේ ඥාතියෙකු විසින් සිරුරු හදුනාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, කළුතර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පරීක්ෂණ කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content