කළුතර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුල මියගිය විදෙස් ජාතික කාන්තාවකගේ සිරුරක් හමුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 74 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක් බවයි වාර්තාවන්නේ.
මෙම කාන්තාව මීට මාස එකොළහකට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර, ඇය කුලී පදනම මත අදාළ නිවාඩු නිකේතනයේ නාවාතන් ගෙන සිට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.