පවතින වැසි සහිත තත්ත්වයත් සමග අද (05) පස්වරුව වන තෙක් බලපැවැත්වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයට නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බුලත්සිංහල සහ පාලින්දනුවරට මෙලෙස අවදානම් නිවේදන නිකුත් කළ බවයි.

මේ අතර  නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා .

එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින හරහා විටින් විට  පැයට කිලෝ මීටර් 40-45 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි .

WhatsApp Group

Skip to content