කලා ඔයේ ජලය පිරිපහදු කර කිලෝමීටර් හතරක දුරක් මුහුදු පතුලේ එලූ නළ මාර්ගයක් හරහා කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ජල සම්පාදන අමාත්‍යංශය පවසන්නේ එම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කරනු ලබන බවයි.
මෙම ප්‍රදේශයේ ජනතාවට ඇති විශාලතම ගැටලුව පිරිසිදු පානීය ජලය නොමැතිකම බව සඳහන්.
ඒ හේතුවෙන් පසුගියදා කල්පිටිය මජ්ජිත් කුෆා මුස්ලිම් පල්ලි භූමියේ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කරමින් නැනෝ තාක්ෂණික ප්‍රති ආශ්‍රිත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කරනු ලැබුවා.
කෙසේ වෙතත් කලා ඔයේ සිට මෙලෙස ජලය පිරිපහදු කර කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළ ක්ෂණිකව කළ නොහැකි බවත් ඒ සඳහා විශාල පිරිවැයක් මෙන්ම ශ්‍රමයක් දැරීමට ද සිදුවන බවයි අමාත්‍යාංශය පවසන්නේ.
නමුත් ඉදිරි වසර කිහිපය තුළ මෙය සම්පූර්ණ වශයෙන් අවසන් කළ හැකි බවයි ජල සම්පාදන අමාත්‍යංශය පවසන්නේ.

 

WhatsApp Group

Skip to content