කහ උණ සඳහා ප්‍රතිශක්තිකරණය ලබාදීමේ එන්නත් 1500 ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ යුනිසෙෆ් සංවිධානයේ මැදිහත්වීම මත මෙම එන්නත් ආනයනය කරන බවයි.

ඒ අනුව, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් එම එන්නත් අප්‍රිකානු කලාපයේ සංචාරය කරන පුද්ගලයින්ට ලබාදීමට පියවර ගැනෙනු ඇති.

කහ උණ ප්‍රතිශක්තිකරණ එන්නත් මේ වන විට මෙරට හිගව පවතින අතර, ඊට හේතුවී ඇත්තේ එම එන්නත් ආනයනට භාරගත් සැපයුම්කරු නිසිපරිදි එන්නත් සැපයීමට අසමත්වීම බවයි වාර්තා වන්නේ.

යුනිසෙෆ් මැදිහත්වීම මත එන්නත් 6000ක් මෙරටට ආනයනයට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content