රන්න කහදමෝදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ අද (06) පෙරවරු 10.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි වැදුනු පුද්ගලයා බරපතල තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා කහදමෝදර ප්‍රදේශයේ පදිංචි බහුදින ධීවර යාත්‍රාවක ස්කිපර්වරයෙකු ලෙස රැකියාව කරන අයෙකි.

WhatsApp Group

Skip to content