කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය ගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කළ බව ශ්රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් මහේන්ද්ර අබේවර්ධන මහතා පවසයි.
ශ්රී ලංකා මහවැලි අධිකාරියේ ප්රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්යක්ෂ ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා ගේ සභාපතිත්වයෙන්, යුත් පංච පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කළ බව ඒ මහතා සඳහන් කරයි.
මෙම අනවසර කැණීම් සිද්ධිය හමුවේ ශ්රී ලංකා මහවැලි අධිකාරියේ කිසියම් නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇතිබවට සනාථ වුව හොත් ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

WhatsApp Group

Skip to content