පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීම නිසා ඊයේ(10) දිනයේ කල් තැබුණු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට අදාළ විවාදය අද දි(11) දිනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර අද දිනයේ විවාදයට ගැනෙන වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒම පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා අවධාරණය කර සිටියේ අද පාර්ලිමේන්තුවේදී පනත් කෙටුම්පතට එරෙහිවීම තම පක්ෂයේ ස්ථාවරය බවයි.

මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම ආණ්ඩුව නියෝජනය කරනු ලබනවා.

WhatsApp Group

Skip to content