මහනුවර නගරයේ සිදුකළ හදිසි වැටලීමකින් පසු මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ චොක්ලට් සහ රසකැවිලි තොගයක් අත්අඩංගුවට ගැනීමට මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය 14 දින කටයුතු කොට තිබුුණා.

මහජනතාවගෙන් ලද පැමිණිලි වලට අනුව එම හදිසි වැටලීම සිදුකොට ඇති අතර මෙහිදී දළදා වීදියේ රස කැවිලි වෙළඳසැලක සිදුකළ පරීක්ෂා කිරීමකදී කල් ඉකුත් වූ ඒත් කල් ඉකුත්වූ දින මකා දමා ඒ වෙනුවට ව්‍යාජ කල් ඉකුත් වන දින සඳහන් කොට තිබූ චොකලට් සහ රස කැවිලි විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීමට සහභාගීවූ මහනුවර නාගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා සඳහන් කළේ කිසිසේත්ම මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම චොක්ලට් හා රසකැවිලි බහුතරයක් විදෙස් රටවල නිෂ්පාදනය කළ ඒවා බවය. ඇතැම් වෙළදහල්වල තිබී ටිනර් බෝතල් හමුවූ බවත් මෙම ටිනර් උපයෝගී කොට චොක්ලට් හා රසකැවිලිවල කල් ඉකුත් වූ දින මකා දමා ඇති බවට සැක කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඇතැම් නිෂ්පාදන වල නිෂ්පාදිත හෝ කල් ඉකුත් වන දින සඳහන් නොතිබූ බවත් අත්අඩංගුවට ගත් බොහෝ ආහාර කිසිසේත්ම මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් මේ සම්බන්ධයෙන් අධිකරණයට  කරුණු වාර්තා කොට නඩු පවරන බවත් හෙතෙම සඳහන් කළා.

 

 

WhatsApp Group

Skip to content