ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 අගෝස්තු මස 06 වන දින කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං  කිලෝ 04 ග්‍රෑම් 740 ක් අඩංගු ඇසුරුමක් නාවික හමුදා භාරයට ගත් අතර, එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද (01) තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය තොරයඩි කලපුවේ 2024 අගෝස්තු මස 06 වන දින සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම කලපු ප්‍රදේශයේ ගිල්වා තිබූ සැකකටයුතු ඇසුරුමක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඇසුරුමේ සූක්‍ෂම ලෙස අසුරා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගත් අතර, එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද (01) තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව, ජාවාරම්කරුවන් විසින් මෙම රත්‍රං අඩංගු ඇසුරුම පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස තොරයඩි කලපුවේ ගිල්වා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

WhatsApp Group

Skip to content