ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්ත්වය හේතුවෙන් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බව වර්තා වනවා .

කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා වෛද්‍යවරුන් 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරුන් 460 දෙනෙකු වන අතර මෙම වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල තුළ අලුතෙන් ඉදිකළ ශල්‍යාගාරයක් හා දැඩි සත්කාර ඒකකය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ .

මේ අතර මහරගම පිළිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු මාසයකට ආසන්න කාලයක සිට ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සදහන් කළේ පෙට් ස්කෑන් පරීක්ෂණ සදහා යොමු වන රෝගීන්ට ලබා දෙන එෆ් . ඩී . ජී . නමැති ඖෂධය නොමැති වීම ඊට හේතු වී ඇති බවයි.

ඒ හේතුවෙන් පෙට් ස්කෑන් පරීක්ෂණ සදහා යොමු කර ඇති රෝගීන් රැසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.

 

WhatsApp Group

Skip to content