කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කර්මාන්ත අමාත්‍යංශය නිවේදනය කර තිබෙන්නේ.

කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ සියයට 7 ත් 8 ත් අතර සහන පොලී අනුපාත මත ණය ලබාදීමට කටයුතු කරන බවයි.

WhatsApp Group

Skip to content