අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා යන අනුවර්ත නාමයෙන් හඳුන්වන නදුන් චින්තක නමැත්තා ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අධිකරණ නියෝගයක් අනුව සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීම අවසන් වීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම නදුන් චින්තක නමැත්තා වෙනත් නඩුවක් සදහා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද එහිදි නියෝග කර ඇති බව සදහන්.

හරක් කටා හෙවත් නදුන් චින්තක ඇතුඵ සැකකරුවන් 8 දෙනෙකු පසුගිය වසරේ මාර්තු මාසයේදි මැඩගස්කරයේ ගුවන් තොටුපලකදී අත්අඩංගුවට ගැනුණා.

මේ අනුව එහිදි අත්අංගුවට ගැණුනු සංවිධානාත්මක අපරාධකරුවකෙු වන සලිදු මල්ෂික හෙවත් කුඩු සලිදු නමැත්තා ද අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content