ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා සමග ඉදිරි මහ මැතිවරණයට තරඟවැදීමට තීරණය කර තිබෙනවා.

කමල් අද්දරආරච්චි මහතා සමග පාර්ශව කිහිපයක් ඉදිරි මහ මැතිවරණය සඳහා උවිඳු විජේවීර මහතා නායකත්වය දරන දෙවැනි පරපුර යටතේ තරඟ වැදීමට ගිවිසුම් ගත වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බහුතර බලයෙන් ආණ්ඩුවක් ගොඩනගන බවට තමා විශ්වාස කරන හෙයින් වැරදි පෙන්වා දිය හැකි ශක්තිමත් විපක්ෂයක් ගොඩනගාගැනීම මෙම අවස්ථාවේදී ඉතා වැදගත් බවයි කමල් අද්දර ආරච්චි මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content