කඳාන – පියෝ මාවතේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබෙනවා.

අද උදෑසන හයට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි කඳාන පොලිසිය සඳහන් කළේ.

ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඒ හේතුවෙන් නිවසේ ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content