නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අභිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කදුකර කොටියෙකුගේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසුවා.

තේ වත්තේ දුගන්ධයක් හමන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරියට කල දැනුම් දිමක් මත වතු කම්කරුවන් තේ වත්තේ සිදු කල සොදිසි මෙහෙයුමකදි අභිරහස් ලෙස මියගොස් සිටි කදුකර කොටි පැටවාගේ සිරුර සොයාගත් බවයි වනජිවි නිලධාරින් කියා
සිටියේ.

මියගොස් සිටි කදුකර කොටි පැටවා පිරිමි සතෙකු බවත් කොටින් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමකින් එක් කොටියෙකු මිය යන්නට ඇති බවයි වාර්තාවන්නේ.

කදුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර  සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව වනජිවි නිලධාරින් පැවසුවා.

මේ අතර තේ වත්තේ සැරිසරන කදුකර කොටියන් , ගෝනුන් ,මුවන් , වල් ඌරන් ඇතුළු සතුන් ආරක්ෂා කර ගැනිම සදහා බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු පාලනය කරන වතු අධිකාරිවරුන් සහ සහකාර වතු අධිකාරිවරුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් බගවන්තලාව වැවිලිකරුවන්ගේ සමාජ ශාලාවේදි පැවැත්වුණා.

මෙහිදි තේ වතු වල සේවය කරන ඇතැම් වතු කම්කරුවන් විසින් සතුන් දඩයම් කිරිම සදහා අටවා ඇති උගුල් සහ මදු ගලවා ඉවත් කිරිමට වතු අධිකාරිවරුන්ගේ සහය ලබාදෙන ලෙසද වනජිවි නිලධාරින් වතු අධිකාරුවරුන්ගෙන් ඉල්ලා සිටියා.

WhatsApp Group

Skip to content