පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ වන අතර, එය  හෙට දිනයේත් විවාදයට ගැනීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේදී පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වාද, හෙට දිනයේදී පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වාද විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම විවාදයේ දෙවැනි දිනය වන හෙට දිනයේ ප.ව 4.30ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content