කතරගම ගම් උදාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා.

මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරියෙකුත් සැකකරුවන් අතර සිටින බවද වාර්තා වනවා.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයින් පැනගොස් දිවි බේරාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content