කතරගම වන්දනාවක් සදහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අම්පාර සමන්තුරේ ප්‍රදේශයේදී අද සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇති බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

කතරගම පෙරහැර නැරඹීමට ගොස් ආපසු මඩකලපුව බලා ගමන් ගත් වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර රියදුරුට බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකි වී එය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content