කතරගම පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන්.

රුහුණු කතරගම ඇසල මහ පෙරහැර ජුලි 06 වනදා ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව රුහුණු කතරගම ඇසල මහ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන ජූලි මස 6 වනදා සිට ජුලි 22 දක්වා එම ප්‍රදේශයේ සියලු සුරාසැල් වසා තබන බව සඳහන්.

බලපත්‍රලාභී සුරාසැල් වසා දැමීමට සුරාසැල් කොමසාරිස්වරයා ද දැනුවත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content