කතරගම පූජා නගරයට පැමිණෙන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ඉදිකරන ලද කතරගම ප්‍රධාන බස් නැවතුම්පලේ නව පරිශ්‍රය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

කතරගම දේවාලයට ලැබෙන ආධාර මුදලින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මසකට ආසන්න කෙටි කාලයක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට සමගාමිව ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන පහසුකම් නගා සිටුවීම වෙනුවෙන් ද ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 2 ක් ධාවනයට එක් කිරීම ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කර තිබෙනවා.

මේ අවස්ථාවට එක් වෙමින් අදහස් පළ කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/06/BANDULA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content