ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍ය අදින් අවසන් වීමට නියමිතයි.

මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය සිදුකිරීමෙන් පසු එම කටයුතු අවසන් වීමට නියමිත බවයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දේශාන් ගුණසේකර මහතා සඳහන් කළේ.

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැරේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී විථි සංචාරය කෙරුණා.

පෙරහැර නැරඹීම සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් කතරගම පුදබිමට පැමිණ සිටි බවටයි වාර්තා වුණේ.

WhatsApp Group

Skip to content