රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර තෙවන දිනටත් අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර පසුගිය 19 වනදා ආරම්භ වූනා . එය ජූලි මස 04 වනදා දක්වා පැවැත් වීමට නියමිතව තිබෙනවා.
මේ අතර කතරගම පෙරහැරට සමඟාමීව විදෙස් බැතිමතුන් විශාල ප්‍රමාණයක් කතරගම, කිරින්ද සහ තංගල්ල ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බව පොලීසිය පවසනවා .
විදේශිකයින් ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර ඇති අතර මුහුදු තීරයේ සහ දියනෑම් සිදුකරන ස්ථාන සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට අධික පිරිසක් යොදවා ඇති බව පොලීසිය නිවේදනය කළා.

පුජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ සහ ඔවුන්ගේ වාහන හා දේපළවල ආරක්ෂාව තහවුරු කිරිම සඳහාඳ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මකයි .

WhatsApp Group

Skip to content