පසුගිය කාලයේ රට කඩා වැටිමෙන් පසු   නැවත යථා තත්ත්වයට ගැනීම්ට හැකිවීම පිළිබඳව නිහතමානීය ආඩම්බරකමක් තමන්ට පවතින බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය    ප්‍රමිත බණ්ඩාර  තෙන්නකෝන් මහතා 13   දින  සීගිරියේදී පැවසීය.

 එමෙන්ම සිගිරිය  සංචාරක පුරවරයක් ලෙස ලබන වසරේ දී   රූපියල් මිලියන අටයි දශම දෙකක මුදලක් වියදම් කරමින් සංවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙලක් රජය ආරම්භ කොට තිබෙන බවද රාජ්‍ය  අමාත්‍යවරයා හෙළිදරව් කරන්නට විය.

 ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු  මෙරට හතරවන ගොල්ෆ් ක්‍රීඩාංගණය සීගිරිය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී ඉදිකිරීම සඳහා සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස පැමිනි  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා   මේ බව සඳහන් කළේය.

 සීගිරිය ගුවන් හමුදා කඳවුරු පරිසරයේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ගුවන් හමුදාව ගොල්ෆ්      ක්‍රීඩාංගනය  ඉදිකිරීම වර්තමාන ගුවන් හමුදාපති එයා මාශල්   උදේනි රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත  සිදුකෙරිණි

WhatsApp Group

Skip to content