කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වසර 50ත් 150ත් අතර පැරණි ගස් 200කට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ ඒවා බවටයි කොළඹ මහනගර සභාව සිදු කළ විමර්ශනයක දී මින් පෙර අනාවරණ වී තිබුනා.

එම ගස්වලින් බොහෝ ප්‍රමාණයක් කද දිරායාම හේතුවෙන් කඩාවැටීමේ අවදානමට ලක්වී තිබු බව සඳහන්.

එලෙස හඳුනාගත් ගස්වලින් ගස් 100කට අධික සංඛ්‍යාවක් පසුගිය දිනවල කපා ඉවත් කිරීමට පියවර ගත් අතර අනෙකුත් ගස්වල අතු කප්පාදු කිරීමට පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් නිරිත දිග මෝසම් තත්ත්වය සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් මේ වන විට කොළඹ මහනගර සීමාව තුළ ගස් 50ක් පමණ කඩා වැටී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර තිබෙන අතර, එම ආයතනයේ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමටද නියමිතයි.

WhatsApp Group

Skip to content