ෆෙස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් ඊයේ දියත්කළ ඒකාබද්ධ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ

කඩවත නගරයේ හෝටලයක එම ෆෙස්බුක් සාදය සංවිධානය කර තිබු අතර . එම සාදය සඳහා ප්‍රදේශ රැසකින් තරුණයන් හා තරුණියන්ද එක්ව සිටි බව වාර්තා වන්නේ

එසේ සාදයට එක් වූ තරුණයන් පිරිසක් හෝටලයේ කාමර වෙන් කර ගෙන කාමර ඇතුළත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතකරමින් සිටියදී සුරාබදු නිලධාරින් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ

මෙම තරුණයන් අයිස් හා කොකේන් යන මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට කරුණු අනාවරණය වී තිබුනා .
අත්අඩංගුවට ගත් තරුණයින් වයස අවුරුදු 19ත් 30ත් අතර වන බව සුරාබදු නිලධාරීන් පැවසීය.

WhatsApp Group

Skip to content