ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ” මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ” ( Online Visa )   ලබා දීම , යළි 09/27 දින අලුයම 12.00 පැයේ සිට ආරම්භ වී තිබේ .
ඒ නිසා මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගත යුතු ( On Arrivel Visa ) වීසා බලපත්‍ර ලබා ගැනීම සදහා වූ පෝලිම බොහෝ සෙයින් අඩු වී තිබේ .
එසේම රටවල් 14 කට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගැනීමට ආරක්ෂක හේතූන් මත නොහැකි රටවල් , එම රටවල වැසියන් මෙරටට පැමිණීම සදහා මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ලබා ගැනීම හෝ එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ලබා ගැනීම සිදු කළ යුතුය .
 මේ තත්වය  ශ්‍රී ලංකාවට යළිත්  සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති වීමට බලපා තිබෙන අතර , ඉදිරි මාස කීපය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කාළය ( Tourist Season ) උදා වීමට නියමිත අතර , මෙම වසර තුළ දී ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 23 ලක්ෂයක් රැගෙන ඒමට බලාපොරොත්තු වේ .

WhatsApp Group

Skip to content