රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී 10/16 දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු නුවරඑළිය , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි .
ඔහු 10/16 දින අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ වැලන්ටයින් සහ බ්ලැක් ලේබල් වර්ගයේ විස්කි බෝතල් 69 ක් සහ මැන්චෙස්ටර් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 2,380 ක් ද සගවා ගෙන සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සමග ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි සහ විස්කි බෝතල් තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

WhatsApp Group

Skip to content