කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ රැඳී සිටි මෙම පුද්ගලයාට ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගෙ 08 හැවිරිදි දියණිය තුවාල ලබා ඇති අතර, මේ වන විට දියණිය නාගොඩ රෝහාලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content