කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මහා මංගල්ලය එළැඹෙන 03 වැනිදා සහ 04 වැනිදා පැවැත්වීමට නියමිත බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා .

මෙවරත් ඉන්දීය බැතිමතුන් හා ලාංකීය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කච්චතිව් මංගල්ලය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ .

යාපනය දිසාව භාර රඳගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවර කච්චතිව් මහා මංගල්ලය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා .

ඉන්දීය බැතිමතුන් 10,000ක පමණ පිරිසක් මෙම උත්සවය වෙනුවෙන් පැමිනෙනු ඇතැයි අපේක්ෂා කරන බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා .

WhatsApp Group

Skip to content