අක්ෂි සැත්කම් සිදු කිරීමෙන් පසු ලබා දුන් ඖෂධයකින් සංකූලතා ඇතිවීමේ සිද්ධිය පිළිබද වාර්තාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ.රත්නායක මහතා පැවසුවේ මෙම පරීක්ෂණයෙන් අනතුරුව සකස් කරන ලද වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාර දීමට නියමිත බවයි.

එම වාර්තාව භාරදීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බවද ඔහු පැවසුවා.

 

WhatsApp Group

Skip to content