ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් සෘජුවම ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සාකච්ඡා කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ.

මේ වනවිට ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ වර්ග 277 ක හිඟයක් පවතින බවද වාර්තා වනවා.

එම හිඟය කඩිනමින් පියවීම සඳහා රාජ්‍යයේන් රාජ්‍යයකට ක්‍රමවේදය යටතේ මෙම ඖෂධ මිලදී ගැනීමට නියමිතයි.

WhatsApp Group

Skip to content