දැනට හිගව පවතින තවත් ඖෂධ වර්ග 50ක් කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ඖෂධ වර්ග ආනයනය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

පවතින ඖෂධ හිගය පාලනය කිරිම සදහායි සෞඛ්‍ය අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත්තේ.

මේ වන විට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග 230ක හිගයක් පවතිනවා.

ඉන්දිය ණය යෝජනා ක්‍රමයේ සහය යටතේ අදාළ ඖෂධ කඩිනමින් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

මේ අතර වර්තමානයේදී හෘදයාබාධ ඇතිවී පුද්ගලයින් මිය යාමට හේතුව පසුගිය කාලයේදී ලබාගත් කොරෝනා එන්නත් බව සමාජය තුල පැතිර යන මතය පිළිගත නොහැකි බව සවුඛ්‍ය අංශ පවසනවා.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ එම එන්නත් ලබාගත් පුද්ගලයන්ට විවිධ සංකූලතා ඇතිවීමේ ඉඩකඩ ඉතාම අවම බවයි.

https://www.vnews.lk/storage/2023/08/ANANDA-WIJEWIKRAMA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content