ඖෂධ මිල සියයට 50 කින් අඩු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ ඩොලරයේ අගය අඩු වීමේ වාසිය ජනතාවට ලබා දිය යුතු බවයි.

එමෙන්ම ඖෂධ ආනයනකරුවන් ඔවුන්ට අවශ්‍ය පරිදි ඖෂධවල මිල ඉහළ දමන බවද ඔහු පැවසුවා.

මේ අතර ඇතැම් රෝහල්වල තිබෙන රෝග පරීක්ෂණ යන්ත්‍ර අක්‍රීය වීම සම්බන්ධයෙන්ද අද පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/HARITHA-ALUTHGE-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content