ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ගුණාත්මක ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමේ දී පවතින ගැටලු හඳුනාගැනීම ඇතුළු කරුණු විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව මෙම ජනතා අදහස් ලබාගැනීම සිදුකරනු ලබනවා.

ඒ අනුව ඕනෑම පාර්ශවයකට මෙරට ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටලු, යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

අදාළ අදහස්, යෝජනා, නිර්දේශ ලබන මස 13 වන දිනට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතු වනවා.

WhatsApp Group

Skip to content